Saturday, April 7, 2012

මම කසාද බැදපු මිනිහෙක් මගේ ලගින් පලයන්...!



දවසක්දා ස්වාමිපුරුෂයෙක් පාටි එකකට ගිහින් හොදටම බීලා රෑ දෙගොඩ හරි ජාමේ ගෙදර ආවා. ...ඒ ඇවිත් වෙරිමර ගාතේ ගෙදර සාලේ ලස්සනට තියල තිබ්බ මැටි බදුන් පොලවේ ගහපු මෙයා ගෙදර පුරා වමනෙ කලා.මෙයාගේ භාර්යාව මෙයාව කාමරේට ඇදගෙන ගිහිල්ලා මෙයාගේ ඇදුම් මාරු කරලා මෙයා වමනෙ කරපු තැන් සුද්ධ කරලා දැම්මා.

ස්වාමිපුරුෂයා පහුවදා උදේ නැගිට්ටාම මතක් වුනා කලින් දා රෑ පාටි එකට ගිහින් හොදටම බීලා රෑ වෙලා ගෙදර ඇවිත් පිස්සු නටපු හැටි. මෙයාට හොදටම ෂුවර් අද නම් උදේ පාන්දරම භාර්යාව ඊයෙ රෑ සිද්ධ උන දේවල වාඩුව ගන්න රණ්ඩුවක් පටන් ගන්න බව.මෙයා ඉතින් දෙවියොන්ට කිය කිය හිටියා රණ්ඩුවක් නම් ඇති වෙන්න එපා කියලා.

පොඩ්ඩක් නැගිටලා වටපිට බලනකොට මෙයා දැක්ක ලග තිබුනු මේසෙ උඩ පොඩි ලියුම් කෑල්ලක් තියෙන බව,ඉතින් මෙයා නැගිටලා ඒක ගත්තා. ලියුමේ මේ විදියට ලියලා තිබුනා

"මගේ වස්තුව,
මම ඔයාට ඔයා කැමතිම කෑම හදලා මේසෙ උඩින් තිබ්බා...මට උදේම මාර්කට් යන්න වෙනවා ඔයාට රස දවල් කෑමක් හදලා දෙන්න බඩු ගේන්න...මම ඉක්මනින් එන්නම්..
මම ඔයාට ගොඩක් ආදරෙයි.උම්ම්ම්මා..."

දැන් ස්වාමිපුරුෂයට ගොඩක් පුදුමයි. ඇයි ඉතින් කලින් දවසේ රෑ බීලා ඇවිත් පිස්සු නටපු විදියට මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.ඉතින් මෙයා පුතා ලගට ගිහින් හෙමීට ඇහුවා

"පුතාට මතකද ඊයේ රෑ මොකද උනේ කියලා"? කියලා.

"ඔව් තාත්තා හොදටම බීලා ගොඩක් රෑ වෙලා ගෙදර ආවේ
ඒ ඇවිත් ගෙදර බඩු පොලවේ ගැහුවා..හැමතැනම වමනෙත් දැම්මා
අම්මා ගොඩක් අමාරුවෙන් තාත්තව ඇදගෙන ගිහින් ඇදෙන් දැම්මේ..
එහෙම කරලා අම්මා තාත්තාගේ ඇදුමුයි සපත්තු දෙකයි ගලවනකොට තාත්තා කෑ ගහල කිව්වා



"උඹට පිස්සුද ගෑනියේ...මම කසාද බැදපු මිනිහෙක්
මගේ ලගින් පලයන්..." කියලා..

Friday, March 9, 2012

මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?



http://liftright.net/dirtyhands.jpg
1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.




-------------------------------------------------------------------------------------------------


http://us.cdn3.123rf.com/
2. ඇන්තනිගේ කම්මල් නියමය
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.











-------------------------------------------------------------------------------------------------
http://pinknpurplelizard.com/blog/wp-content/uploads/
3. කොවෑක්ගේ න්‍යාය
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.






-------------------------------------------------------------------------------------------------
http://www.beadelltours.com.au/images1/flat_tyre.jpg
4. කැනන්ගේ කර්මවාදය
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.




-------------------------------------------------------------------------------------------------


5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.




-------------------------------------------------------------------------------------------------


http://solodialogue.files.wordpress.com/
6. බෙල්ගේ නියමය
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.






-------------------------------------------------------------------------------------------------
http://www.cartoonstock.com/lowres/amc0684l.jpg
7. රූබිගේ සමාසද සිද්ධාන්තය
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.






-------------------------------------------------------------------------------------------------


http://austincomputerrepairx.com/wp-content/uploads
8. විලොබීගේ නියමය
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.






-------------------------------------------------------------------------------------------------


http://pigjockey.com/wp-content/uploads/2010/03/
9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
කැසීමේ සැරබව අදාල ස්ථානයට  අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.




-------------------------------------------------------------------------------------------------


http://thedevilspitchfork.files.wordpress.com/2011/04/seat-2.jpg
10. බ්‍රෙඩාගේ නීතිය
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.






-------------------------------------------------------------------------------------------------


11. ඕවන්ගේ නියමය
http://static4.depositphotos.com/
උනුසුම් කෝපි/තේ  කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.






-------------------------------------------------------------------------------------------------


12. වූලිගේ නියමය
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.

Thursday, March 8, 2012

බයිසිකලේ හදිය

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්....
..අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු..
.කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු

..පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඔහොම පැයක් විතර ඉන්නකොට ...ඔන්න බොලේ පිඹගෙන එනවලු Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ.

...කරන්න දෙයක් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස් ගාල බ්‍රේක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"

"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ Ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෝක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....

මලා....මේක දැක්ක විතරයි අපේ Ferrari එකාට මල පැනපි...
"අඩෝ ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල ඇද්දුවේ නැතෑ.....

ඔන්න දැන් Ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."ඕයි ඕයි....වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ...

ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු

 
" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි Ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...."